රටේ ජනතාව නව ගමනක් උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තත් මේ මොහොත වන විට ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පොරොන්දු, යෝජනා ක්‍රියාත්මක කරන්න බැරිව අසරණ වී ඇති බවත් බලයට පැමිනි පසු වැට් බදු, සෘජු හා වක්‍ර බදු අඩු කරනවා යැයි කිව්වත් අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරනවා යැයි කිව්වත් ඒ කිසිවක් කළ නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
බඩු මිල අඩු කිරිම, විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා යැයි පැවසූ බවත් දූෂිත ක්‍රමවේදය නිසා මේවා වැඩි වී ඇති බව ප්‍රකාශ කල බවත් අයි එම් එෆ් එකත් එක්ක ඔහු අවස්ථා දෙකකදී සාකච්ඡා කළත් කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් අයි එම් එෆ් එක ඔහුගේ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මොරටුවේ පැවැති ජන හමුවකදීය.
වත්මන් ජනාධිපතිවරයාට අයි එම් එෆ් එක එවැනි ප්‍රතිචාරයක් දැක්වූවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම අවස්ථා ගණනාවකදී අයි එම් එෆ් එකත් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් සමඟ සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම සමගි ජන බලවේගය ජනතාවගේ ආශිර්වාදයෙන් බලයට පත්වූ විගස මෙම ගිවිසුම ජනතාවාදීව වෙනස් කරන බව පැවසූ බවත් බදු බර අඩු කරන්න යෝජනා පාර්ලිමේන්තුවේ පවා ඔප්පු කළ බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.
එළැඹෙන මහමැතිවරණයේ දී සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ විට පාර්ලිමේන්තු බහුතරය ලැබුණු පසු අයි එම් එෆ් එකත් සමඟ සාකච්ඡා කර එම රාමුව තුළ අසාධාරන බදු ප්‍රතිපත්තිය වෙනස් කර මේ අසාධාරණ බදු බරින් ජනතාව නිදහස් කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
Lanka Newsweek © 2026